මුල් ප්රභවය
ඔබට හෝ වෙනත් කෙනෙකුට ආඝාතය ඇති බවට සැක කරන්නේ නම් වහාම වෛද්‍ය උපකාර ලබා ගන්න. ගිලන් රථයකට කතා කරන්න. ගිලන් රථයක් එනතුරු බලා සිටින අතරතුර ඔබගේ රෝග ලක්ෂණ පහව ගියද, රෝගය පිලිබඳ තක්සේරු කර ගැනීම සඳහා රෝහල වෙත යාම ඉතා වැදගත් වේ. මූලික තක්සේරුවකට පසු, වඩාත් ගැඹුරු තක්සේරුවක් සඳහා ඔබ රෝහල් ගත කිරීම අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ නම් විශේෂඥ ප්‍රතිකාර ආරම්භ කල හැකිය.
ඉක්මනින් හෝ පැය 24කට වඩා අඩු කාලයකදී ඔබගේ රෝග ලක්ෂණ පහව ගියේ නම් එහි අදහස වනුයේ, ඔබටට්‍රාන්සියෙන්ට් ඉස්කීමික් ඇටෑක් (TIA) වැළඳී ඇති බවය. තවත් අඝාතයක් වැළඳීමට ඇති ප්‍රවනතාවය අඩු කර ගැනීම සඳහා මෙම රෝග ලක්ෂණ වලටද වෛද්‍ය හදිසි අවස්ථාවක් ලෙස සලකා ප්‍රතිකාර කල යුතුය.
ආඝාතයේ සංඥා සහ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නමුත් ඒවා සාමාන්‍යයෙන් හදිසියේ ආරම්භ වේ. ඔබගේ මොලයේ විවිධ කොටස් වලින් ඔබගේ ශරීරයේ විවිධ කොටස් පාලනය කරන නිසා, මොලයේ කුමන කොටසට බලපෑවේද යන්න සහ හානියේ ප්‍රමාණය මත ඔබගේ රෝග ලක්ෂණ රඳා පවතී.
විශේෂයෙන්ම ඔබ මහලු අයෙකු, දියවැඩියාව ඇති පුද්ගලයෙකු හෝ අධි රුධිර පීඩනය ඇති අයෙකු වැනි වැඩි අවදානමක් සහිත කණ්ඩායමක් තුළ සිටින කෙනෙකු සමඟ ජීවත් වන හෝ රැකබලා ගන්නා කෙනෙක් නම් හෝ, අනෙකුත් සෑම කෙනෙකුටම මෙම සංඥා සහ රෝග ලක්ෂණ දැන සිටීම වැදගත්ය. ඇතිවිය හැකි වෙනත් රෝග ලක්ෂණ; F. A. S. T. පරීක්ෂණයෙහි ඇතිවන රෝග ලක්ෂණ වලින් බොහෝ ආඝාත වර්ග හඳුනා ගත හැකිය. නමුත් කලාතුරකින් ආඝාතය සඳහා විවිධ රෝග ලක්ෂණ හේතු වේ. වෙනත් ලක්ෂණ සහ සංඥා පහත ඇතුළත් විය හැකිය:
කෙසේ වෙතත් මෙම රෝග ලක්ෂණ ඇති විය හැකි වෙනත් හේතු ද තිබිය හැක.
කුඩා ආඝාතය ලෙස ද හඳුන්වනු ලබන TIA වල රෝග ලක්ෂණ ආඝාතයේ රෝග ලක්ෂණ වලට සමාන වේ. නමුත් මෙම රෝග ලක්ෂණ සම්පුර්ණයෙන්ම පහව යාමට මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් අතර කාලයක් ගතවේ. මෙය ඔබගේ මොලයට රුධිරය සැපයුමෙහි බරපතල අනතුරු ඇඟවීමේ සලකුණක් නිසා රෝග ලක්ෂණ වැඩි දියුණු වුවද කිසිම විටෙක TIA නොසලකා හැරිය නොහැක. එයින් අදහස් වන්නේ ඔබ නුදුරු අනාගතයේ දී ආඝාතය වැළඳීමේ වැඩි අවදානමක සිටින බවයි.